iranama
උපන් මාසයට අනුව
ඔබේ ගතිගුණ!
ඔබ උපන්නේ අප්‍රේල් මාසයේ නම් ස්වභාවයෙන්ම ඥනවන්තයෝය. නොයෙක් විට උසස් පදවිවලට පැමිණෙති. නරක ගතියක් නම් අනුන්ගේ යස ඉසුරු ගැන ඉරිසියා කිරීමය. අනුන් ගැන විශ්වාස කරන්නෝද නොවෙති. වරදක් ගැන සමාවීමටද කැමති නැත. අනෙකෙක් කළ වරදක් ඇතොත් එය ජීවිතාන්තය දක්වා සිත්හි තබාගනී. ඔවුහු විසිතුරු රෙදිපිළි ගැන ඉතා රුචිය. රූප ලක්ෂණින් මනුෂ්‍යයන් විනිශ්චය කිරීමට ඉතා හපන්නුන්ය. මේ මාසයේ උපන් ස්ත්‍රීහු මුදල් ගැන ප්‍රවේශමක් නැත. ලැබෙන මුදල් සියල්ලම වියදම් කරන්නියෝ වෙති. මොවුන් විවාහ ගිවිසුම් ගැන සැලකිල්ලක් නොකොට අත්හැර දැමීමටද පුළුවන. කවදාහරි විවාහයකට බැඳෙන්නේ තමන් දන්නා හඳුනන කෙනකු සමගය.
ඔබ උපන්නේ මැයි මාසයේ නම් - ඉතා ධෛර්යවන්ත භාවයෙන් යුක්ත වේ. කරුණාවන්ත වෙති. කෙලි සෙල්ලමට රුචිවෙති. මොවුහු සුවසේ දිවි පවත්වන්නෝය. සෙල්ලමට ඇති ආශාව කරණකොට ගෙන ස්වකීය රැකියාවට ද බාධා පමුණුවා ගනියි. මොවුහු ඉතා එඩියෙන් යුත් මිනිසුන් හෝ ඉතා ලාමක මලානික ගතියෙන් යුක්ත අයවෙති. සමාගම් ආශ්‍රය කිරීමට ඉතා රුචිවත් හැර යහපත් සමාගම්වල සභිකයන්ද වෙති. මේ මාසයේ උපන් අය ඉතා හොඳ ධාරණ ශක්තියක් ඇත්තෝය. අනිත් මනුෂ්‍යයන්ට යම් යම් කරුණු මතක නැතිවීම ගැන ඔවුහු ඉතා අප්‍රසන්න වෙති. මොවුහු තමන්ගේ අභිමතය පරිදිම කටයුතු කරන්නෝය. අන්‍යයන්ගේ වැඩ ගැනද ගුරුකම් දෙමින් සම්බන්ධ වෙති. මේ මාසේ උපන් ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයම වහා කිපෙන සුළු අයවෙති.
ජුනි මාසයේ ජනිත වූ අය සතුටට පත්වන්නේ කලාතුරකින්ය. ඔවුන්ට වුවමනා කුමක්ද යන්න ඔවුන්ම නොදනිති. තමන්ට නැත්තා වූ කොයි දේ වුවත්, ඒ සියල්aලක්ම ලැබීමට ආශාවෙති. අන්‍යයන් හොඳින් ජීවත් වීම ගැන තමාට ඉවසිය නොහැක. මොවුහු හෙට පශ්චාත්තාප වන්නට සිදුවන වැඩ කිසි කල්පනාවක් නැතිව අද කරන්නට හැකි අය වෙති. මොවුහු වදවේදනා වලින් පීඩා විඳින මනුෂ්‍යයන් කෙරෙහි අනුකම්පා කරමින් බොහෝ ආධාර උපකාරද කරති. යහපත් වර්ණයටද, සංගීතයටද බොහෝ පැහැදේ. මොවුන් අන්‍යයන්ගේ වැරදි සෙවීමට ද හපන්නුය. මේ කරණකොටගෙන මොවුන්ගේ විවාහ ජීවිතය නොයෙක් විට අවාසනාවන්ත එකක් වේ. මොවුන් කෙරෙහි විශේෂයෙන්ම ඉරිසියාව සහ අනුන් විශ්වාස නොකරන ගතියක්ද පිහිටා ඇත්තේය. නිය සැපීමෙන් මොවුන්ගේ කිපෙන සුළුගතිය ප්‍රකාශ වේ.
ජුලි මාසයේ උපන්නෝ සාමාන්‍යයෙන් ගුණවන්ත භාවය ගැන ප්‍රසිද්ධ වේ. ඔවුහු සත්ගුණවත් වූද උත්තම වූද අය වෙති. ලස්සන දේ වලටද රට රටවල ඇවිදීමටද ඉතා කැමතිය. එම ගුණය වෘද්ධ වයස් වන විට වැඩිවෙයි. ජුලි මාසයේ උපන් ස්ත්‍රීහු මෘදු කොමළ ගතියෙන් යුක්ත වෙති. ඔවුන්ගේ යහපත් ගුණාංගයන් පැතිරී යැමට ඔවුන්ට ආලෝකය හා ධෛර්ය දීමද අවශ්‍ය වෙති. ජුලි මාසයේ උපන් පුරුෂයෝ බොහෝ විට ගෙදරම සිටීමට රුචිය.
අගෝස්තු මාසයෙහි උපන්නෝ කටයුතු විධාන කිරීමෙහි සමර්ථයෝය. මොවුන්ගේ ආදරය හෝ ක්‍රෝධය ඉතා බලවත් වේ. මේ මාසයෙහි උපන් අය විශාල වැඩ කිරීමෙහි දක්ෂවෙති. ස්වකීය අභිමතානුකූලව වැඩ පටන් ගන්නේ වී නමුත් සියලු දෙනාටම ප්‍රියකරුය. මොවුහු අනුන්ගේ දුක් ගැන අනුකම්පා කරයි. දුප්පතුන්ට ආධාර කරති. කරුණා ගුණයෙන් යුක්තය. අගෝස්තු මාසයේ උපන් අය දෙවරක් විවාහ වන බව දක්වයි. රැකී රක්ෂා ගැන හෝ වෙළෙ
Wmqgd .ekSu